සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

මිත්‍රත්වය...















ඊට යෝග්‍ය පසුතලයක විනා
වෙනත් කිසිම තැනක නොවැඩෙන
සුසිනිඳු පුෂ්පයක්..................


මම වාසනාවන්තයි...
ඒ පුෂ්පයේ සුවඳ
සැමදාම මගේ ළඟ...............


ඒ මිත්‍රත්වයේ පුෂ්පය
හැමදාම සුවඳවත්ව තියාගන්නයි
මේ පැතුම...............


මේ නිසඳැස මගේ නිර්මාණයක් නම් නෙවෙයි. ඒත් ලස්සන හින්දා බ්ලොග් එකට ලියන්න හිතුවා. ලස්සන විතරක් නෙවෙයි. ඒ නිසඳැස හරිම අර්ථවත්...

වැස්ස...

මම මේ නිසඳැස දැක්කේ අපේ ස්කූල් එකේ බිත්තියක තිබිලා. ඉතින් ඒක බ්ලොග් එකට ලියන්න තරම් ලස්සන එකක් කියලා හිතුන නිසයි මේ ලියන්නේ. ඔයාලම කියවලා බලන්නකෝ.


"මිනිස්සුන්ගේ හිත් ඇතුළේ
දැල්වෙන ගිනි නිවන්න
වැහි බින්දුවකට පුළුවන් නම්,...
අපි ඔක්කොම වැස්සක් වෙන්නම්!"

කියන්නට අවසරයි!...(1 කොටස)

දුව හොඳට ඉගෙන ගෙන ඩොක්ටර් නෝනා කෙනෙක් වෙන්නම ඕන...

"අම්මා, මම හෙට ඉස්කෝලේ යනවා නේද?".සිඟිති කටහඬක් ගෙය තුළින් නික්මිනි.ඒ මිනෝලිය. තම මවගෙන් මෙසේ විමසන ඇය බලාපොරොත්තු රාශියක් පොදි බැඳ ගෙන තම පාසල් දිවිය ඇරඹීමට සූදානම්ව සිටියාය. "ඔව් දුවේ" මිනෝලිගේ මව එසේ පැවසුවේ උතුරා ගිය දරු සෙනෙහසින් යුතුවය. මිනෝලිගේ පියා නැතිවූ දා සිටම ඇගේ මව ධෛර්ය‍යෙන් යුතුව සමාජයට මුහුණ දෙමින් තම දියණියව කවදා හෝ සමාජ තැනකට ගෙන යාමේ දීර්ඝ ගමන හෙට පාසලේදී ආරම්භ වන බව මව දැන සිටියාය.
උදෑසන එළඹිනි."දුව, නැගිටින්න.අද තමයි ඔයා මුලින්ම ඉස්කෝලේ යන දවස"මව පැවසුවේ තද නින්දේ සිටි මිනෝලිව කූද්දමිනි. "ඉස්කෝලේ......." කියමින් තම නිදිබර දෑස් පිහිදමින් මිනෝලි ඇ‍ඳෙන් බිමට බැස්සේ සතුටින් ඉපිලී යමිනි.පාසලේ අලුත් නිල ඇඳුම ඇඳගැනීමටත්, අලුත් සුදෝසුදු සපත්තු දැමීමටත් මෙතෙක් කලක් ඇය ඇඟිලි ගනිමින් සිටි අවස්ථාව අද උදා වී ඇත."අම්මා, මම ලෑස්තියි. අනේ! ඉක්මනට යමුකෝ" කියමින් ඇය මවගේ ඇ‍ඟේ දැවටුණාය."හරි, අපි යමු. හැබැයි ඊට කලින් ඔයා බුදුසාදුට වැඳලා යන්න ඕන."මව කීවේ ගෙයි කොනක සූදානම් කර තිබූ බුදු පහන දල්වමිනි."හරි අම්මා" කියමින් මිනෝලි බුදු පිළිමයට වැන්ඳාය.මිනෝලිගේ මවද බුදු පිළිමයට වැන්ඳේ දහසක් ප්‍රාර්ථනා තම සිතේ තබා ගෙනය."දුව, ඔයා හොඳට ඉගෙන ගෙන ඩොක්ටර් නෝනා කෙනෙක් වෙන්නම ඕනි, හරිද?" මව එසේ පවසද්දී මිනෝලි නිහඬව සිටියත් ඈ ඒ සියල්ල හොඳින් සිතට ගත්තාය.අනතුරුව ඇය දිව ගොස් ආච්චිටත්, නැන්දාටත් වැන්ඳාය.ඇයට තම පියා නැති අඩුව නොතේරුනත් මේසය මත තබා තිබූ පියාගේ ඡායාරූපය ළඟට ගොස් ගාථාව කියා වැන්ඳ ඇය මවටද ගාථාව කියා වැන්ඳාය. දෑසට කඳුළු නැඟුන මුත් මව ඒවා සඟවාගත්තේ මිනෝලිට නොපෙනෙන පරිද්දෙනි.
"අපි යමුද? අම්මා." මිනෝලි එසේ විමසමින් ගෙයින් පිටතට ආවාය."කිරිබත් කාලා මට නිදිමත හැදෙයිද දන්නේ නෑ" සැබැවින්ම නිහඬ ළමයෙක් වුවද හිතේ සතුටට පාසලට යන මාවතේ ඇය තම මවත් සමඟ දොඬමළු වූවාය.
මිනෝලිගේ පාසලේ පළවෙනි දවස ගැන තොරතුරු අපි ඊළඟ කොටසින් බලමු...

සඳ නැග ආ දා...


දවස එළිය කළ හිරු රැස්
කෙමෙන් වියැකී ගොසින් ය...
සිසිල් මඳ නළක් හමා එද්දී
අහස ආලෝකයෙන් නහවන්නට
නැග ආ පුන් සඳ
අද මා දිවියත්
ආලෝකමත් කරාවිද?...
සුසුම් හෙලමින් එදින එන තුරු
මඟ බලා සිටිමි...
-Kreet-

හැපි බර්ත් ඩේ!


කොහොමද ඉතින්? ආ...ඔන්න අහගන්න.
                      "හැපි බර්ත් ඩේ ටූ මී!
                       හැපි බර්ත් ඩේ ටූ මී!
                       හැපි බර්ත් ඩේ ඩිය(ර්) Kreet!
                       හැපි බර්ත් ඩේ ටූ මී!"
ඉතින් ඔන්න එකායි!...දෙකායි!...පහළවයි!...කියලා Kreet ට අවුරුදු 15කුත් වුණා. මට ඉතින් විෂ් කරන්න කවුරුත් නැති හින්දා මමම විෂ් කරගත්තා.හැබැයි ඉතින් අද නම් නෙවෙයි බර්ත් ඩේ 1.ඊයේ... දැන් ඉතින් "කොහෙද යන්නේ?" කියලා ඇහුවොත්,"වයසට" කියලා තමා කියන්න තියෙන්නේ.
-Kreet-

කියන්නට අවසරයි,...



ඉතින් යාළුවනේ, මමත් හිතුවා කතාවක් ලියන්න. ඒ ගැන ඔයාලා මොනවා කියයිද දන්නේ නෑ. ඒ වුණාට හැම දාම මගේ ජීවිතේ අත්දැකීම්නේ මම ඔයාලට කියන්නේ. හැම දාම කියන්න තරම් අත්දැකීම් ගොඩක් තාම මට නම් නැහැ. ඒ නිසා මම කතාවක් ලියන එක හොඳයි නේද? කතාවේ නම තමයි...ම්..........
                                      කියන්නට අවසරයි,...
හොඳද? මම ලියන්නේ නම් "මිනෝලි" කියලා ළමයෙකුගේ කතාවක්. නම්, ගම් සියල්ල මන:කල්පිතයි. (වචනේ බර වැඩියි නම් , ඒකේ තේරුම තමයි ඔක්කොම මගේ හිතේ මැවුනු දේවල් කියන එක.) කතාව ගැන පොඩි හැඳින්වීමක් කළොත්, මිනෝලි කියන්නේ ගොඩක් අහිංසක ඒවගේම ගුණයහපත් ගැහැණු ළමයෙක්.එයා තාම ඉගෙන ගන්නවා. ඉතින් එයාගේ තාත්තා නම් ජීවතුන් අතර නැහැ. අම්මයි, පවුලේ අනිත් අයත් එක්ක තමයි එයා ජීවත් වෙන්නේ. එයා ගොඩක් දක්ෂයි. ඒ නිසාම එයාට ගොඩක් ඉරිසියාකාරයන්ට මුහුණ දෙන්න වෙනවා. හැලහැප්පීම් මත ගෙවෙන එයාගේ ජීවිතේ අන්තිමේදි..............අපොයි! මම මෙහෙම මුළු කතාවම ගානක් නැතුව ඔයාලට කියයි.හරි...හරි...කතාවේ ඉතුරු ටික දැන ගන්න ඕන නම් දිගටම මාත් එක්ක ඉන්න. ඒවගේම මම ලියන කතාව ඉදිරියට සාර්ථකව ගෙනියන්න නම්, මට ඔයාලගේ අදහසුත් ගොඩාක් වැදගත් වේවි.ඒ නිසා දිගටම මාත් එක්ක රැ‍‍ඳෙන ගමන් මගේ කතාව ගැන ඔයාලට හිතෙන දේ, ඒවගේම මගේ වැරදි අඩුපාඩු ලියලා දාන්නත් අමතක කරන්න එපා. 

සිතුවිලි අතර...

නිතර මා හදේ
වැළපෙන සිතුවිලි
කවදා සිතා නිම කරමිද මා
තනිවම වුවත් සිතුවිලි අතරේ
තනිකමක් නැත මා හදවතේ
සිතුවිලිවල නිමාව උදාවන තුරු
මඟ බලා සිටින මම
                        -Kreet-

අහසින් යන්න???

කොහොමද ඉතින්?මට ඒ කියන්නේ Kreet ට ඔයාලට රහසක් කියන්න තියෙනවා.හැබැයි ඔයාලටම විතරයි. කාටවත් කියන්න එපා හො‍ඳේ! ඉතින් ඒ රහස ඔන්න මම කියන්නයි යන්නේ... එක්කෝ මට බෑ ඔයාලට කියන්න. ඔයාලා කාට හරි කිව්වොත්... නෑනේ ඔයාලා ඉතින් මගේ යාළුවෝනේ :-).
                                    ඔන්න එහෙනම් අහගන්න...
                                    1කායි!... 2කායි!... 3නායි!...
හරි...අපේ Kreet ට අහසින් යන්න chance 1ක් ලැබිලා. හැබැයි මම මේ chance 1 අපේ ඇලඩින්(දන්නවද? එයි මගේ හොඳ යාළුවෙක්) ගෙන් එහෙම ඉල්ල ගත්තා කියලා හිතන්න එපා.‍
දන්නවද Kreet යන්නේ කොහේටද කියලා?... නෑ...නෑ...ඒක දැන්ම කියලා වැඩක් නෑ.ඉතින් Kreet ඇඟිලි ගැන ගැන ඉන්නේ කවදද යන්නේ කියලා.(අහසින් හො‍ඳේ! :-).
Kreet අහසින් ගියාට පස්සේ ගියේ කොහේටද?...මොනවද වුණේ?...කියන හැමදේම ඔයාලට කියන්නම්කෝ. එතෙක් Have a nice day!!!
-Kreet-

ජීවිතයේ ජය ටැඹ...


දිනෙන් දින ගතවන
සෑම මොහොතක්ම
මා අතින් ගිලිහී යද්දී
ජීවිතයේ ජය ටැඔ වෙත
ළඟා වීම පහසු වේවිද?...
එය කොතරම් දුෂ්කර මුත්
කළ යුතුමය...
ජීවිතයේ ජය ටැඹ වෙත ළඟා විය යුතුමය...


-Kreet-

තනි තරුව...


අහසේ සඳ හා එක්ව ඇති
තනි තරුව ඔබට පෙනේද?
සඳත් තනි තරුවත් 
මිතුරේ...
ඔබත් මමත් වැනිය.
නොඑසේ නම්....
ඒ කුමක් විය හැකිද?...

-Kreet-

මතං වෙත ලියමි...

ඉතින් මතං කොහොමද සැප සනීප? "මම සුවෙන් සිටිමි." කියලා කියන්න එපා මතං. මට ඕක අහලා ඇති වෙලා. එක්කෝ "මතං අසනීපෙන්" කියලාවත් කියන්න මතං.:-).
මතංට මම මුලින්ම sorry කියලා ඉන්න එපායැ,නේද මතං? මේ මට ඉතින් ගොඩක් කාලයක් තිස්සේ මතං‍ට ලියන්න තියා කතා කරන්නවත් බැරිවුණානේ. මතං මාත් එක්ක තරහ නෑනේද? දන්නවානේ මතං ඉස්කෝලේ වාර විභාගේ. ඉතිං මතං, ඒ යුද්දේ සති 2ක් තිස්සේ තිබුණ නිසා Kreet ටත් සටන් කරන්න වෙලයි තිබුණේ.
අප්පෝ!මුළු ලෝකෙම ඉන්න හොරු ටික ඉන්නේ අපේ පන්තියේ මතං.(මේ මම එහෙම ඕවාට නෑ.)"මේ මේ 2ට කීයද? 3ට කීයද?" මට ඕවා ඇති වෙලයි තිබුණේ. මොනා කරන්නද මතං, අපි ඉතින් සාධාරණේට වැඩ කරන මිනිස්සුනේ.අපිට හැම දාම හුලං තමා.
ඒ වුණාට මතං වෙනදා වගේම මම 1st තමා. විභාගේ ඉවර වුණ දවසේ තමයි මතං මගේ "ඩොං ඩොං " ගගා තිබුණ හදවතට හුලං ටිකක් වැදුණේ. ඒ වුණාට මතං තව තව විභාග නිවාඩු කාලේ එනවානේ. අපෝ....දැන්නම් එපා වෙලා. ඒ වුණාට වෙනදාට වඩා ටිකක් හරි හොඳයි.
"දැන් නිවාඩු කාලේ හින්දා නෑ ඉස්කෝලේ- ආයි ආයි ආපි ඔන්න සෙල්ලම් කාලේ" කියලා කියන එකේ මතං මොනාද මේ vacation 1කේ කරන්න හිතාගෙන ඉන්නේ? මට නම් නිවාඩු වුණාට class මතං.මතංටත් same to U කියලා හිතනවා.ඒත් එහෙම වුණාට මතං මම නම් මේ vacation 1 full fun 1 කේ ගත කරන්න තමයි try 1ක දෙන්නේ.අදට මගේ chat a box 1ට තිතක් තියන්නම්.
                                              ටටා!!!!!!!!!!!!
                                                                          මෙයට ඔබේ මතං,
                                                                          Kreet


                                                                           

මල් කැකුළු...

උදෑසන හිරු දැක
පිනි බිදු සඟවමින්
අවදිවූ මල් කැකුළ
හවසට හිරුත් සමඟම
පරව යන්නේ කාගේ අවසරය ඇතිව ද?
අපේ ජීවිතයත් මල් කැකුළු වැනිය.
උපත ලැබූ දා සිටම
හිරුත් සමඟ බැස යන්නට
අප කාගේ අවසරය පතමුද?
-Kreet-

පියතුමණි ඔබ...



මා මෙලොවට බිහි වූ දා
ඔබ මා ළඟ නොමැති වුවත්
සදා නොමැකෙන මා මතකයේ 
ඔබ රැඳෙනු නොඅනුමානයි
ජීවන ගමනේ අවසන් කඩඉම වූ
නිවන ඔබට 
දැකගන්නට 
දියණියගෙන් සුබ පැතුම්!!!
-Kreet- 

අපේ cricket match 1 ක...

දන්නවද වැඩක්?(ආ... ඔයාලට දැන ගන්න මම තාම ඒක කිව්වේ නෑනේ.:-D). මම guiding කරන බව ඔයාලා දන්නවා ඇති. ඉතින් අපේ guides ලා ටික අපි අතරෙම cricket match 1 ක් තියන්න තීරණය කළා.ඉතින් හැමෝම ගොඩක් ආසාවෙන් හිටියේ. මොකද පොඩි කාලේ ප්ලාස්ටික් bat 1 ක් අරන් සෙල්ලම් කළාට පස්සේ cricket ගහපු කාලයක් මතක නෑ. (ආ...මතකයි, අපි 9 වසරෙදි ඒ කියන්නේ අනාදිමත් කාලෙදි interval 1කේදි ලී කෑල්ලක් අරන් ගිහින් cricket ගහපු හැටි.තව ටිකෙන් principal ගෙන් ගුටිත් කනවා:-D).
Cricket match 1 ට කලින් දවසේ (ඒ කියන්නේ මේ අවුරුද්දේ ජූනි 17 වෙනිදා) මම practice කරපු විදිහ තමයි මරු.මම ගෙදර කොහේද මුල්ලක තිබිලා හොයා ගත්ත බෝලයකට පොල්ලකින් ගහලා තමයි practice කළේ.ඉතින් ඔන්න match 1 තියෙන දවසත් උදා වුණා.ඇත්තටම එදා ඉස්කෝලෙ ඉවර වෙලා හවස තමයි match 1 තිබුණේ.අපි යාළුවෙක්ගේ ගෙදර ගිහින් කාලා, බීලා එනකොට teams බෙදලා ඉවරයි.ඉතින් මගේ team 1ට අහුවුණේ cricket ගහන්න බැරිම set 1ක්.අපිට තමයි මුලින්ම සෙල්ලම් කරන්න තිබුණේ. අපිට ලැබුණේ bowling.නියම team 1ක් එක්ක තමයි play කරන්න ලැබුණේ.එයාලා හොඳට practice කරලත් හිටියේ. කොහොම හරි overs 4ට ලකුණු 27කට එයාලව සීමා කරන්න අපිට පුළුවන් වුණා.
ඉතින් ඊට පස්සේ අපිට තමයි batting. මම තමයි මුලින්ම bat කළේ. මගේ පළපුරුද්ද කොච්චරද කියනවා නම් :-) 6,4 shots ට්කක් ගහලා team 1 ගොඩ දාගන්න මට පුළුවන් වුණා.නොහිතපු ජයග්‍රහණය නිසා හැමෝටම ගොඩක් සතුටුයි.
අපි වීරයෝ වගේ ground 1කෙන් එළියට බැස්සාම අනිත් teams 2 play කරන්න පටන් ගත්තා.ඇත්තටම අපේ luck 1 කොච්චරද කියනවා නම් එයාලගේ match 1 පටන් ගත්තා විතරයි වැස්ස පටන් ගත්තා.අපි ඉතින් අහසට නොවැඳපු 1 විතරයි වහින්න එපා කියලා. " rain rain go away!"කියලත් බැලුවට වැඩේ හරි ගියේ නෑ. ගොඩක් හයියෙන් වැස්ස නිසා අපිට match 1 නතර කරන්න වුණා. 
-Kreet-

හැමදාම මතකයේ ඉන්න ගුරුතුමා...


ඉතින් යාළුවනේ අපි හැමෝම පුංචි කාලෙදි ඉගෙනගත්තා. ඒ වගේම තාමත් ඉගෙන ගන්නවා. අපි මැරෙන කල්ම ඉගෙන ගන්නවා කියලත් කියනවානේ.ඉතින් ඔයාලා හැමෝටමත් තමන්ගේ හිත දිනා ගත්ත, ඒ වගේම මතකයේ රැඳුණු ගුරුවරයෙක් හරි ගුරුවරියක් හරි ඇති කියලයි මම නම් හිතන්නේ. මොකද මට නම් එහෙම මගේ මතකයේ රැඳුණු ගුරුවරයෙක් ඉන්නවා. ඒ කව්ද කියනවා නම් මම ගිය English tuition class 1 කේ S.ගුණවර්ධන sir.ඇත්තටම දක්ෂ English teacher කෙනෙක්. මීට අවුරුදු 2 කට කලින් අපෙන් වෙන් වුණත් 2005 ඉඳලා 2008 වෙනකන් අවුරුදු 3 ක් sir ළඟ ඉගෙනගෙන ලබා ගත්ත අත්දැකීම් කවදාවත් අමතක වෙන්නේ නෑ.
ගොඩක් වෙලාවට class 1 කේදි sir සැරයි.ඒත් sir සැර වුණේ වැඩ හරියට කරපු නැති ළමයින්ට විතරයි.Sir හොඳට හොඳයි, නරකට නරකයි.ඒත් sir අපිට සැර කරන්නේ අපිව හොඳ මඟට යොමු කරන්න කියලා අපි හැමෝම දැනගෙන හිටියා. ඒ නිසාම තමයි sir ගෙන් ඉගෙන ගත්ත අය අද උසස් තැන්වල ඉන්නේ.
ඉතින් ඒ වගේ ගුරුවරයෙක් ඔයාලටත් ඉන්නවා නම් අපිට එයාල වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම දේ තමයි එයාලගේ බලාපොරොත්තු ඉටු කරලා හොඳ තැනකට යන එක. ඔයාලටත් එහෙම හිතෙනවද?
-Kreet-

මව් ගුණ අනන්තයි!..





ජීවිතයේ බාධක සැම

මා හට තරණය කෙරුමට

සැම මොහොකතම මා ළඟ රැ‍ඳෙමින්

මා දිරිමත් කළ ඔබ

ගෙදර බුදුන් වැනිය...

සංසාර ගමනේ

ස්වභාවය මා හට අවබෝධකර දෙමින්

නිවන කරා යන ගමනේ...

ඔබටත් මටත් එය ඉක්මණින්

අවබෝධ වේවා!...

-Kreet-

යාළුවෝ මාළුවෝ කති...


ඇත්තටම මේකෙ topic 1 ක කියවද්දි ඔයාලට එක එක විදියට ඒක understand වෙන්න ඇති. For a example කියනවා නම් යාළුවෝ මාළුවෝ කනවා, යාළුවෝ තමන්ගේ පරිහානියට හේතු වෙනවා වගේ ඒවා...හැබැයි මම නම් අදහස් ක‍ළේ 2 වෙනි තේරුම. හැම යාළුවෙක්ම අපිව විනාශයට ඇදලා දාන්නේ නෑ.
බුදු දහමෙත් කියවෙනවානේ යාළුවෝ වර්ග 2 ක් ගැන. ඒ විදියට අපි කල්‍යාණ මිත්‍රයෝ ආශ්‍රය කළොත් අපේ ජීවිතය සාර්ථක කරගන්නත්, පාප මිත්‍රයෝ ආශ්‍රය කළොත් අපේ ජීවිතය අසාර්ථක කරගන්නත් අපිට පුළුවන්.ඒත් අද කාලේ කල්‍යාණ මිත්‍රයෝ හොයාගන්න එක කළු නික හොයනවාටත් වැඩිය අමාරු බව අමතක කරන්න එපා!:-).
මේ Kreet තාම පොඩි වුණාට එයාට ගොඩක් දේවල් ගැන experience තියෙනවානේ:-). ඉතින් එයා කියනදේ කරන්න මේ ළමයි try කරන්න ඕනි, හරිද?
මටත් නරක යාළුවෝ ඕනෑතරම් මුණගැහිලා තියෙනවා. එයාලගේ ලණු කාලාත් තියෙනවා. ඒත් අන්තිමේදි ඒවගේ යාළුවන්ගෙන් බේරෙන්න මට නම් පුළුවන් වුණා.
ඉතින් ඔයාලා මගේ friends ලා නිසා තමයි මම මේක ඔයාලට කිව්වේ. ඔයාලටත් මාළු කන යාළුවෝ( මේ පාරත් වරද්දගන්න එපා. 2 වෙනි තේරුම. මතකනේ...:-D) ඉන්නවා නම් එයාලව ආශ්‍රය කරන්න එපා. හොඳ යාළුවන්ව විතරක් ආශ්‍රය කරන්න. එතකොට ඔයාලටත් ඔයාලගේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් වේවි!
-Kreet-

අසාධාරණය ගැන...

මේ මිනිස් ලෝකයේ ජීවත් වෙන අපි හැමෝටම තමන්ගේ ජීවිතයේදි මොකක් හරි අසාධාරණයකට මුහුණ දීලා ඇතිනේ. ඉතින් මේ ලෝකෙ ජීවත් වුණු අවුරුදු 14 ට මම නම් ඇති තරම් අසාධාරණකම්වලට මුහුණ දීලා තියෙනවා. ඒ නිසාම තමයි ඔයාලට අසාධාරණය ගැන කියන්න හිතුවේ.
මේ ලෝකයේ දේවත්වයට පත් වෙන්නෙත්, තිරිසනුන් බවට පත් වෙන්නෙත් මිනිසුන්මයි කියලා ඔයාලා දන්නවා ඇති.
"මිනිසාමයි ලොව දෙවියන් වන්නේ
මිනිසාමයි ලොව තිරිසන් වන්නේ"
ඉතින් ඒවගේ ලෝකෙක සාධාරණයට උදව් කරන අයට‍ ඉඩක් නෑ කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. ඒ ගැන අපි අත්දැකීමෙන්ම දන්නවා. කවද හරි අසාධාරණයට උදව් කරන අය දඬුවම් විඳින බවත් අපි දැනගන්න ඕනි. සාධාරණයට වැඩ කරන්න ගිහින් සමාජයෙන් කොන් වුණත් කවදාහරි ඒ සාධාරණයට වැඩ කරන කෙනා යන්න පු‍‍ළුවන් ඉහළම තැනට යනවා. ඒකට හොඳම උදාහරණ වර්තමාන සමාජයේ ඇති තරම් තියෙනවා.
ඉතින් අපිත් සාධාරණයට වැඩ කළොත් නේද හොඳ?...
තීරණය ඔයාලගේ අතේ.......
-Kreet-

වෙසක් දන්සල "සුටුස්" ගාද්දි ඉවරයි...

ඉතින් ඉතින් මට ඔයාලට කියන්න තවත් දෙයක් මතක් වුණා.ඒ තමයි අපේ දහම් පාසලෙන් මේ අවුරුද්දේ දුන්න දන්සල ගැන. මම යන්නේ බදුල්ල ශ්‍රී සුමනතිස්ස දහම් පාසලේ. ඉතින් අපේ පන්ති භාර Sir ත් පිනට ලැදි කෙනක්(අපිත් එහෙම තමයි).Sir ගේ පන්තියේ ගිය අවුරුද්දේ(2009) හිටපු ළමයි දන්සලක් දුන්නා කියලා Sir අපිට කිව්වා. ඉතින් අපි Sir ට කිව්වා අපිත් මේ අවුරුද්දේ දන්සලක් දෙමු කියලා. ඊට පස්සේ අපි හැමෝම එකතු වෙලා දන්සලක් organize කළා. මුලින්ම අපි තැඹිලි දෙන්න හිතුවත් පස්සේ සැන්ඩ්විචස් & බීම දෙන්න තීරණය කළා.
දන්සලට කලින් දවසේ පන්තියේ ළමයි එකතු වෙලා hut එකක් ගහලා ,අපට දන්සල සාර්ථක කරගන්න පුළුවන් වෙන්න කියලා වන්දනාවකුත් කළා. ඊට පස්සේ දන්සල දවසෙත් උදේ ඉඳලාම සැන්ඩ්විච් හදලා, සීනි සම්බල් නාලා(නෑවෙමත් නෑ:-D). කොහොම හරි වෙසක් පෝය දවසේ නමෝ විත්තියෙන් හවස 4 ට දන්සල පටන් ගත්තා.
බුදු අම්මෝ!... මිනිස්සු පොර කනවා. පැය භාගයක් යන්නත් කලින් දන්සල ඉවර වුණා. ඇත්තටම ගොඩක් මහන්සි දැනුණත් අපි හැමෝම හිටියේ ගොඩක් සතුටෙන්.ඒක තමයි පින කියන්නේ... නැද්ද?...
-Kreet-