Showing posts with label හිතට එන පුංචි පුංචි දේ.... Show all posts
Showing posts with label හිතට එන පුංචි පුංචි දේ.... Show all posts

හැපි බර්ත් ඩේ!


කොහොමද ඉතින්? ආ...ඔන්න අහගන්න.
                      "හැපි බර්ත් ඩේ ටූ මී!
                       හැපි බර්ත් ඩේ ටූ මී!
                       හැපි බර්ත් ඩේ ඩිය(ර්) Kreet!
                       හැපි බර්ත් ඩේ ටූ මී!"
ඉතින් ඔන්න එකායි!...දෙකායි!...පහළවයි!...කියලා Kreet ට අවුරුදු 15කුත් වුණා. මට ඉතින් විෂ් කරන්න කවුරුත් නැති හින්දා මමම විෂ් කරගත්තා.හැබැයි ඉතින් අද නම් නෙවෙයි බර්ත් ඩේ 1.ඊයේ... දැන් ඉතින් "කොහෙද යන්නේ?" කියලා ඇහුවොත්,"වයසට" කියලා තමා කියන්න තියෙන්නේ.
-Kreet-

අහසින් යන්න???

කොහොමද ඉතින්?මට ඒ කියන්නේ Kreet ට ඔයාලට රහසක් කියන්න තියෙනවා.හැබැයි ඔයාලටම විතරයි. කාටවත් කියන්න එපා හො‍ඳේ! ඉතින් ඒ රහස ඔන්න මම කියන්නයි යන්නේ... එක්කෝ මට බෑ ඔයාලට කියන්න. ඔයාලා කාට හරි කිව්වොත්... නෑනේ ඔයාලා ඉතින් මගේ යාළුවෝනේ :-).
                                    ඔන්න එහෙනම් අහගන්න...
                                    1කායි!... 2කායි!... 3නායි!...
හරි...අපේ Kreet ට අහසින් යන්න chance 1ක් ලැබිලා. හැබැයි මම මේ chance 1 අපේ ඇලඩින්(දන්නවද? එයි මගේ හොඳ යාළුවෙක්) ගෙන් එහෙම ඉල්ල ගත්තා කියලා හිතන්න එපා.‍
දන්නවද Kreet යන්නේ කොහේටද කියලා?... නෑ...නෑ...ඒක දැන්ම කියලා වැඩක් නෑ.ඉතින් Kreet ඇඟිලි ගැන ගැන ඉන්නේ කවදද යන්නේ කියලා.(අහසින් හො‍ඳේ! :-).
Kreet අහසින් ගියාට පස්සේ ගියේ කොහේටද?...මොනවද වුණේ?...කියන හැමදේම ඔයාලට කියන්නම්කෝ. එතෙක් Have a nice day!!!
-Kreet-

මතං වෙත ලියමි...

ඉතින් මතං කොහොමද සැප සනීප? "මම සුවෙන් සිටිමි." කියලා කියන්න එපා මතං. මට ඕක අහලා ඇති වෙලා. එක්කෝ "මතං අසනීපෙන්" කියලාවත් කියන්න මතං.:-).
මතංට මම මුලින්ම sorry කියලා ඉන්න එපායැ,නේද මතං? මේ මට ඉතින් ගොඩක් කාලයක් තිස්සේ මතං‍ට ලියන්න තියා කතා කරන්නවත් බැරිවුණානේ. මතං මාත් එක්ක තරහ නෑනේද? දන්නවානේ මතං ඉස්කෝලේ වාර විභාගේ. ඉතිං මතං, ඒ යුද්දේ සති 2ක් තිස්සේ තිබුණ නිසා Kreet ටත් සටන් කරන්න වෙලයි තිබුණේ.
අප්පෝ!මුළු ලෝකෙම ඉන්න හොරු ටික ඉන්නේ අපේ පන්තියේ මතං.(මේ මම එහෙම ඕවාට නෑ.)"මේ මේ 2ට කීයද? 3ට කීයද?" මට ඕවා ඇති වෙලයි තිබුණේ. මොනා කරන්නද මතං, අපි ඉතින් සාධාරණේට වැඩ කරන මිනිස්සුනේ.අපිට හැම දාම හුලං තමා.
ඒ වුණාට මතං වෙනදා වගේම මම 1st තමා. විභාගේ ඉවර වුණ දවසේ තමයි මතං මගේ "ඩොං ඩොං " ගගා තිබුණ හදවතට හුලං ටිකක් වැදුණේ. ඒ වුණාට මතං තව තව විභාග නිවාඩු කාලේ එනවානේ. අපෝ....දැන්නම් එපා වෙලා. ඒ වුණාට වෙනදාට වඩා ටිකක් හරි හොඳයි.
"දැන් නිවාඩු කාලේ හින්දා නෑ ඉස්කෝලේ- ආයි ආයි ආපි ඔන්න සෙල්ලම් කාලේ" කියලා කියන එකේ මතං මොනාද මේ vacation 1කේ කරන්න හිතාගෙන ඉන්නේ? මට නම් නිවාඩු වුණාට class මතං.මතංටත් same to U කියලා හිතනවා.ඒත් එහෙම වුණාට මතං මම නම් මේ vacation 1 full fun 1 කේ ගත කරන්න තමයි try 1ක දෙන්නේ.අදට මගේ chat a box 1ට තිතක් තියන්නම්.
                                              ටටා!!!!!!!!!!!!
                                                                          මෙයට ඔබේ මතං,
                                                                          Kreet


                                                                           

යාළුවෝ මාළුවෝ කති...


ඇත්තටම මේකෙ topic 1 ක කියවද්දි ඔයාලට එක එක විදියට ඒක understand වෙන්න ඇති. For a example කියනවා නම් යාළුවෝ මාළුවෝ කනවා, යාළුවෝ තමන්ගේ පරිහානියට හේතු වෙනවා වගේ ඒවා...හැබැයි මම නම් අදහස් ක‍ළේ 2 වෙනි තේරුම. හැම යාළුවෙක්ම අපිව විනාශයට ඇදලා දාන්නේ නෑ.
බුදු දහමෙත් කියවෙනවානේ යාළුවෝ වර්ග 2 ක් ගැන. ඒ විදියට අපි කල්‍යාණ මිත්‍රයෝ ආශ්‍රය කළොත් අපේ ජීවිතය සාර්ථක කරගන්නත්, පාප මිත්‍රයෝ ආශ්‍රය කළොත් අපේ ජීවිතය අසාර්ථක කරගන්නත් අපිට පුළුවන්.ඒත් අද කාලේ කල්‍යාණ මිත්‍රයෝ හොයාගන්න එක කළු නික හොයනවාටත් වැඩිය අමාරු බව අමතක කරන්න එපා!:-).
මේ Kreet තාම පොඩි වුණාට එයාට ගොඩක් දේවල් ගැන experience තියෙනවානේ:-). ඉතින් එයා කියනදේ කරන්න මේ ළමයි try කරන්න ඕනි, හරිද?
මටත් නරක යාළුවෝ ඕනෑතරම් මුණගැහිලා තියෙනවා. එයාලගේ ලණු කාලාත් තියෙනවා. ඒත් අන්තිමේදි ඒවගේ යාළුවන්ගෙන් බේරෙන්න මට නම් පුළුවන් වුණා.
ඉතින් ඔයාලා මගේ friends ලා නිසා තමයි මම මේක ඔයාලට කිව්වේ. ඔයාලටත් මාළු කන යාළුවෝ( මේ පාරත් වරද්දගන්න එපා. 2 වෙනි තේරුම. මතකනේ...:-D) ඉන්නවා නම් එයාලව ආශ්‍රය කරන්න එපා. හොඳ යාළුවන්ව විතරක් ආශ්‍රය කරන්න. එතකොට ඔයාලටත් ඔයාලගේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් වේවි!
-Kreet-

අසාධාරණය ගැන...

මේ මිනිස් ලෝකයේ ජීවත් වෙන අපි හැමෝටම තමන්ගේ ජීවිතයේදි මොකක් හරි අසාධාරණයකට මුහුණ දීලා ඇතිනේ. ඉතින් මේ ලෝකෙ ජීවත් වුණු අවුරුදු 14 ට මම නම් ඇති තරම් අසාධාරණකම්වලට මුහුණ දීලා තියෙනවා. ඒ නිසාම තමයි ඔයාලට අසාධාරණය ගැන කියන්න හිතුවේ.
මේ ලෝකයේ දේවත්වයට පත් වෙන්නෙත්, තිරිසනුන් බවට පත් වෙන්නෙත් මිනිසුන්මයි කියලා ඔයාලා දන්නවා ඇති.
"මිනිසාමයි ලොව දෙවියන් වන්නේ
මිනිසාමයි ලොව තිරිසන් වන්නේ"
ඉතින් ඒවගේ ලෝකෙක සාධාරණයට උදව් කරන අයට‍ ඉඩක් නෑ කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. ඒ ගැන අපි අත්දැකීමෙන්ම දන්නවා. කවද හරි අසාධාරණයට උදව් කරන අය දඬුවම් විඳින බවත් අපි දැනගන්න ඕනි. සාධාරණයට වැඩ කරන්න ගිහින් සමාජයෙන් කොන් වුණත් කවදාහරි ඒ සාධාරණයට වැඩ කරන කෙනා යන්න පු‍‍ළුවන් ඉහළම තැනට යනවා. ඒකට හොඳම උදාහරණ වර්තමාන සමාජයේ ඇති තරම් තියෙනවා.
ඉතින් අපිත් සාධාරණයට වැඩ කළොත් නේද හොඳ?...
තීරණය ඔයාලගේ අතේ.......
-Kreet-

විභාගය අභාගයක් කරගන්නේ අපිමයි නේද?

ඇත්තම කියනවා නම් මේ දවස්වල term test ළඟ නිසා ඒකට පාඩම් කරන ගමන් තමයි මම මේ blog 1 ට post යවන්නෙත්. Blog 1 ත් ලියන්න එපායැ...නැද්ද?විභාගයක් කියන්නේ අභාගයක් කියලයි අපි හැමෝම හිතන්නේ.(හැමෝමත් නෙවෙයි). ඒකනේ මේ වගේ සින්දුත් හැදිලා තියෙන්නේ...
"විභාගෙ විභාගෙ...
ඒක තමයි අපේ අභාගේ..."
ඒත් මම නම් හිතන්නේ විභාගය අභාගයක් කරගන්නෙත් අපිමයි කියලා. ඔයාලා මොනා හිතනවාද දන්නේ නෑ.ඒත් මහන්සි වෙලා වැඩ කළොත්(අවුරුදු කිහපයක් විතරනේ) ඒකෙන් ලැබෙන results ගොඩක් උසස් තත්ත්වයක තියේවි. ඒවගේම මහන්සි වුණු දවස්වලටත් හරියන්න අපේ ජීවිතය සැපෙන් ගතකරන්න අපට ලැබේවි. පාඩම් කරන එක කරදරයක් කියලා හිතෙන එක සාමාන්‍ය දෙයක්. ඒත් හොඳට පාඩම් කළොත් ඒකෙන් ලැබෙන results ගැන දැනෙන සතුට පාඩම් නොකර ලබන්න බෑ නේද?
-Kreet-