සංකල්පනා...


 මිතුරියේ ඔබ...


 සොදුරු පාසල් සමයේ
තවත් එක් කඩඉමක් වූ
සෑම අභියෝගයක්ම ජයගන්නට
මට ඔබ පිහිටකි...
දුකේදීත් සැපේදීත් 
මා ළගම සිටිමින් 
මගේ ජීවිතය ඔබේ ජීවිතය මෙන්
උදාරවත් කරන්නට
වෙර දරන ඔබට
මම සදා ණය ගැතියි!...
-Kreet-






















මල් කැකුළු...
උදෑසන හිරු දැක
පිනි බිදු සඟවමින්
අවදිවූ මල් කැකුළ
හවසට හිරුත් සමඟම
පරව යන්නේ කාගේ අවසරය ඇතිව ද?
අපේ ජීවිතයත් මල් කැකුළු වැනිය.
උපත ලැබූ දා සිටම
හිරුත් සමඟ බැස යන්නට
අප කාගේ අවසරය පතමුද?
-Kreet-

ජීවිතය නැමති ගංගාව...
ගල් බොරළු මැද්දෙන් 
යන මේ ගමනේ
ඒවා හමුවන තරමට 
ජීවිතය නම් වූ ගංගාව
තවත් සොදුරු වන්නේය...
කටු පදුරුවලට බයේ සැගවු‍ණොත්
ගංගාවට තම අරමුණ කරා 
යා නොහැකිය...
ඒවා මැඩ ගෙන තම අරමුණ කරා
ගිය ගංගාව
සාර්ථක ජීවිතයක් වැනිය...
-Kreet-
 
 

 











මව් ගුණ අනන්තයි!...

ජීවිතයේ බාධක සැම
මා හට තරණය කෙරුමට
සැම මොහොකතම මා ළඟ රැ‍ඳෙමින්
මා දිරිමත් කළ ඔබ
ගෙදර බුදුන් වැනිය...
සංසාර ගමනේ
ස්වභාවය මා හට අවබෝධකර දෙමින්
නිවන කරා යන ගමනේ...
ඔබටත් මටත් එය ඉක්මණින්
අවබෝධ වේවා!...
-Kreet-

 













පියතුමණි ඔබ...
මා මෙලොවට බිහි වූ දා
ඔබ මා ළඟ නොමැති වුවත්
සදා නොමැකෙන මා මතකයේ 
ඔබ රැඳෙනු නොඅනුමානයි
ජීවන ගමනේ අවසන් කඩඉම වූ
නිවන ඔබට 
දැකගන්නට 
දියණියගෙන් සුබ පැතුම්!!!
-Kreet-