-Kreet-
ඉතින් මම ඔයාලට මුලින්ම මම කියපු " අචාන් චා " කියන හිමි ගැන පොඩි විස්තරයක් කියන්නම්.

මුල් කාලයේදී අචාන් චා හිමිගේ භාවනා ක්‍රමයෙහි තිබුණු අපැහැදිලි බව, නිසි මඟ යොමු නොවීම වගේ අඩුපාඩු නිවැරදි කිරීමට අචාන් මන් හිමිගේ ආභාසය ගොඩක් වැදගත් වුණා. ඒ නිසාම පසු කාලයේදී අචාන් චා හිමිගේ උපදෙස් පතා ආ අයට හොඳින් උපදෙස් ලබා දීමට එතුමන්ට හැකි වුණා.
1992 ජනවාරි 16 වෙනි දා තායිලන්තයේ පිහිටි උ බොන් පෙදෙසේ වට් බා පොං ආරාමයේදී අචාන් චා හිමි අපවත් වුණා.
1 වන කොටස...
බුදුන් වහන්සේගේ ඉගැන්වීම් වටහා ගැනීම...
බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද ඒ දුක හා දුකෙන් නිදහස් වීම පිළිබඳ සත්‍යයන් මේ අපේ සිරුරු, හදවත් හා සිත් තුළින්ම අත්දුකීමට ගත හැකිය යන අවබෝධයෙන් යුතුව සරල ලෙසින් හා අවංක ලෙසින් අපේ භාවනාව අරඹන ලෙස අචාන් චා හිමි ඉල්ලා සිටියි. පොත් හා අටුවා තුළින් අෂ්ටාංගික මාර්ගය සොයා ගත නොහැකි නමුත් ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ ඥානයේත්, ඇස් කන් නාසා දිව සිරුර සහ මනස යන ඉන්ද්‍රියයන්ගේ ක්‍රියාවලියේත් එය දැක ගත හැකි බව උන්වහන්සේ පවසා සිටින සේක. මේවා සම්බන්ධ ඉක්මණින් හා අවදියෙන් යුතුව දැන ඒ තුළින් එළඹි සිහිය දියුණු කර ගැනීමට ක්‍රමය, බුදුන් වහන්සේ විසින් පෙන්වා වදාරන ලද විදර්ශනාවේ මාර්ගයයි. එය වෙනුවෙන් තම සිත් තුළ හට ගත් ධෛර්යයෙන් යුතුව, භාවනාව උදෙසාම කැපවූ මහණ, මෙහෙණී, ගිහි පිරිස් විසින් එය නැසී යා නොදී ඒ අනුව යමින් එතැන් පටන් ශතවර්ෂ ගණනාවක් තුළම එය රැක ගන්නා ලදී.