මගේ පාසල...

මුලින්ම කියනවා නම් මගේ පාසල තමයි බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය. "ඌවේ හදවත" කියලා තමයි අපේ ඉස්කෝලෙ හඳුන්වන්නේ. ක්‍රීඩාවට වගේම ඉගෙන ගන්නත් දක්ෂ ළමයි අපේ පාසලේ ඉන්නවා.ගහගන්න, joke කරන්නත් දක්ෂ අය නැතුවම නෙවෙයි:-). අපේ පාසල mix school එකක්. මම ඉන්නේ 10-E පන්තියේ. නියම jolly පන්තිය. හිනාවෙන්න වගේම ගහගන්නත් අපේ පන්තියේ ළමයි දක්ෂයි. අපේ පන්තියේ ළමයි හරිම සමඟියි. ඒ වගේම සමහර වෙලාවට හරිම අ+සමඟියි.(හැමෝම එක විදිහ නෑනේ). ඒත් කරදරයකදී උදව් කරන හොඳ ළමයිනුත් පන්තියේ ඉන්නවා.
මම මේ දේවල් ඔයාලට කියනකොට ඔයාල හිතනවා ඇති අපේ ඉස්කෝලේ හොඳ නැති ඉස්කෝලයක් කියලා.ඇත්තටම එහෙම නෑ.ළමයි වශයෙන් ඉගෙන ගන්න අයට ඉහළටම යන්න පාරකුත්, අනිත් වැඩ කරන අයට ඒ පැත්තෙන් යන්න පාරකුත් තියෙනවානේ. ඉතින් ඒ පාරවල් දෙකෙන් අපට හොඳ පාර තෝරගන්න ඕනි අපිමයි නේද?
-Kreet-