Marmite බට්ටෝ challenge එකකදී...

ඔයාලට මතක ද දන්නෙ නෑ, ඒ 2003 අවුරැද්ද. මම එතකොට ඉගෙන ගත්තේ බ/විශාඛා විද්‍යාලයේ 3 වැනි වසරේ (පව් අප්පා! පොඩි බච්චෙක්:-D). Marmite වලින් සංවිධානය කරපු camp එකකට ඒ දචස්වල ළමයි තේරැවනේ. ඉතින් අපෙ Kreet ටත් වාසනාවකට වගේ ඔය camp එකට යන්න chance එකක් ලැබුණා.
‍බෙලිහුල් ඔය තමයි camp එක තිබුණේ. මම තමයි එහේ ගිය පොඩිම එක්කෙනා.ආයෙ කියලා වැඩක් නෑ, මාර experience ගොඩක් තමයි ඒ දවස් දෙකේදි අපිට ලැබුණේ.අපිට වෙන වෙනම tent තිබුණා. එක එක ඉස්කෝලවලින් ආපු ළමයි එක්ක අපට තරඟ කරන්නයි තිබුණේ. අපිට කරන්න ක්‍රියාකාරකම් දීලා ඒවායින් ලකුණු ලබා දුන්නා.
අපි දිය ඇලිවලින් පහළට බැස්සා.නෑවා. එතකොට ගල් උඩ ඉඳන් පැන්නා.ඒවගේ ම ගස්වල හදලා තිබුණ අතුරැවල ගියා.(හැබැයි මම නම් මේ ඔක්කොම කළේ නෑ:-p).
ඉතින් අන්තිමට ගෙදර ආවා.ඒ දවස් ටිකේ තමයි මම පළමු වතාවට තනියම ගමනක් ගියේ.ඉතින් තර‍ඟෙන් දිනුවෙ නැති වුණාට ජීවිතය ජය ගන්න ඕනි අත්දැකීම් ගොඩක් අපි අන්තිමේදි ලබා ගත්තා.
-Kreet-

2 comments:

Dil said...

මාරයි ආ...චූටි බච්චා
great ok!

මුditha said...

@Dil
Thank you!...

Post a Comment