සඟමිත් challenge එක අපි ජය ගත් හැටි...

මම ඔයාලට කියන්නමයි හිටියේ. මේ සිද්ධිය වුණේ මට මතක හැටියට ගිය අවුරැද්දේ (2009).මම guide කෙනෙක්නේ.ඉතින් අපේ බාලදක්ෂිකා කණ්ඩායමේ ළමයි ටිකක් ගියා ගාල්ලේ. ඇයි ද දන්නවද? නෑ නේ... සංඝමිත්තා එකේ guiding කරන අක්කලා challenge trophy එකක් organize කරලා තිබුණා. අපට තිබුණේ ගාල්ල ඇල්ල කන්ද තරණය කරන්න.
Challenge එකට කලින් අපි ගියේ හික්කඩුවට. කොරල් බලලා, රෑ නාලා, එහෙම්මම යාළුවෙකුගේ ගෙදර ගියා. උදේ තමයි සංඝමිත්තාවට යන්න පිටත් වුණේ.
ඉතින් අපේ team එකේ ළමයි 12 ක් හිටියට 6 දෙනෙකුට විතරයි challenge එකට යන්න පුළුවන් වුණේ. අනිත් 6 දෙනා observation team එකටයි අයිති වුණේ.මගේ luck එකකටද කොහෙද අහු වුණේ challenge team එකට. අපි තමයි එහේ ගිහිල්ලා හිටපු පොඩිම team එක. අනික ඒක තමයි අපි ඒ වගේ challenge එකකට ගිය මුල්ම වතාව. පොඩි වුනාට අපිත් ඉතින් අත හැරියේ නෑ.
අපිව ඇල්ල කන්ද පාමුලට bus වලින් ගිහින් දැම්මා. අපි කන්ද නගින්න පටන් ගත්තට ඒක ඒතරම් ලේසි වුණේ නෑ. තැනින් තැන check point තිබුණා. ඒවගෙදි අපෙන් ප්‍රශ්න ඇහුවා, එක එක දේවල් කරන්න දුන්නා, rags දුන්නා. ඉතින් පළවෙනි check point එකේදි අපෙන් ගැට වර්ග ඇහුවා. ඒවගේම අපට සින්දුවකුත් කියන්න කිව්වා. දෙවෙනි check point එකත් ඒ ළඟමයි තිබු‍ණේ. ඉතින් එතනින් ගලා ගෙන ගිය ගඟ මැද ඉඳලා අපට කොළ පාට මොනාද බොන්න දුන්නා. දන්නවද ‍මොනාද කියලා? කොහො‌‌‌ඹ... තිත්තයි...ඉතින් එතන ඉඳලා තමයි ආයෙත් ගමන ආරම්භ වුණේ.
යන අතරමඟ අපේ ගමන නවත්වන්න වගේ කූඩැල්ලෝ හැමතැනම. එපාවුණා... එ‍කෙක් අරන් දාන කොට තවත් එකෙක්.යන්න ඕන පාරත් අපිම හොයා ගන්න ඕන. පාර වැරදුණොත් ඉවරයි. යන අතරමඟ ගස්වල අකුරැ හංගලා තියෙනවා. ගමන අවසානයේ අපි ඒවයින් වචනයක් හදන්න ඕන. ඉතින් check points වලදි කරන්න දුන්න ඒවයින් ටිකක් ඔයාලට කියන්නම්. මඩේ දණ ගගා කාසි හොයන්න, first-aid, සිතියම් කියවන්න, ලණුවක් දිගේ උඩට නඟින්න, මඩේ බඩ ගාන්න, අතුරේ යන්න වගේ තවත් ගොඩක් දේවල් අපට කරන්න දුන්නා. ඇයි, තව කොට එහෙම දාපු ඇළක ඇව්දගෙන යන්න. දෙවියනේ! ඒක තමයි ජොලිම scene එක. මොකද මහන්සිවෙලා, මහන්සිවෙලා ආපු අපි ඇළ දිගේ ගිය විදිහ මතක් වෙන කොටත් හරි හිනා!:-D. නොහිතපු වෙලාවට වැටෙනවා. අයියෝ! වැටුනට පස්සේ ඔක්කොටම වැඩිය හිනා යනවා...
ඉතින් අන්තිමට අපි ගමන අවසන් කරන කොට දැකපු, අහපු, කරපු දේවල් ගැන report එකක් එයාලට දෙන්න ඕන(මම එයාලට දුන්නට වඩා හොඳ report එකක් මම ඔයාලට දුන්නා කියලා:-P).
ඊට පස්සේ තමයි අපට බෙලි මල් දුන්නේ.අපි ඒක බීගෙන බීගෙන ගියේ(කවදාවත් බෙලි මල් නොබීපු අය පවා) තිබුණු බඩගින්නට.
රෑ තමයි අපට certificate එහෙම දුන්නේ. එදා රෑත් අපි යාළුවෙකුගේ ගෙදර ගත කරලා උදේ ආයෙත් came to home...
-Kreet-

2 comments:

Blinky said...

ඔයාගේ කතාව කියවලා මටත් guide කෙනෙක් වෙන්න හිතුණා.

මුditha said...

@Blinky
ඒක නම් හොඳ idea 1 ක්.ඒවගේම comment කරාට thank you!

Post a Comment