අහන්න ආසද මම රැස්වීමෙ කතාව කරපු විදිහ...

ඇත්තම කියනවා නම් මම ගොඩක් කට්ටිය ඉස්සරහට ගිහිල්ලා කතා කරන්න බයයි. (හැබැයි හැම දේටම බය නෑ... හරිද?:-D) ඉතින් අපේ school 1 කේ 9,10 වගේ අංශවල වෙන වෙනම තමයි meetings තියෙන්නේ. ඉතින් අපේ grade 10 meeting 1 කේදි හැම දාම register 1 කේ පිළිවෙලට හැම පන්තියකම ළමයෙක් කතාවක් හරි ඕනෑම ඉදිරිපත් කිරීමක් හරි කරන්න ඕනෑ කියලා තීරණය කළා. ඉතින් අපේ පන්තියේ register 1 කේ මුලින්ම ඉන්නේ මමනේ. මට කතාව කරන්න තිබුණේ මැයි 19 වෙනිදා. ඔයාලට මතකද දන්නේ නෑ එදා තමයි ප්‍රභාකරන් අභාවප්‍රාප්ත වෙලා හරියටම අවුරුද්දක් සපිරුනේ. ඉතින් අපේ teacher මට කිව්වා," ඔයා රණවිරුවන් ගැන කතා කරන්න" කියලා.
ඔන්න කතාව කරන දවසත් උදා වුණා.උදේම මම කණ්ණාඩිය ඉස්සරහට ගිහිල්ලා( "කැඩපත, කැඩපත, අද තමයි මම කතාව කරන දවස..." කියලා කිව්වේ නෑ :-D)මගේ කතාව මටම කියා ගත්තා. රැස්වීමේදි ගාථා එහෙම කියලා ඉවරවුණාට පස්සේ ඒ මොහොත උදා වුණා.
මම ඉස්සරහට ගියා. ඇත්තම කියනවා නම් මාව වෙව්ලන්න ගත්තා.මම කතාව කිව්වට කිව්වේ පාඩම් කරපුවා නම් නෙවෙයි.කතාව කියලා ඉවර වුණාට පස්සේ තමයි මගේ ඇඟට ලේ ටිකක් ඉනුවේ.හොඳ වෙලාවට ළමයින්ට මම කියපු කිසිම දෙයක් ඇහිලා තිබුණේ නෑ. මොකද මම ඒ තරම් හයියෙන් කියපු නිසා...
-Kreet-

6 comments:

Tharindu Edirisinghe said...

"ඇත්තම කියනවා නම් මම ගොඩක් කට්ටිය ඉස්සරහට ගිහිල්ලා කතා කරන්න බයයි"

mmmmmm???

හෙළයා said...

මොනවද ඉතින් කිව්වේ?

වන්නි said...

ලියන ආර ඇත්තටම ලස්සනයි. බොහොම ලස්සනට වැඩේ කරගෙන යනවා. ගොඩක් සතුටුයි...

මුditha said...

@හෙළයා
කිව්වෙද? ඇත්තටම මම ඒවා කතාව කියලා ඉවර වුණු ගමන්ම අමතක කරලා දැම්මා.

තක්ෂිල said...

ඔයා ගොඩක් නිෂ්ශබ්ද කෙනෙක්නේ එකවෙන්න ඇති

මුditha said...

@තක්ෂිල
එහෙමමත් නෑ.

Post a Comment