
මතංට මම මුලින්ම sorry කියලා ඉන්න එපායැ,නේද මතං? මේ මට ඉතින් ගොඩක් කාලයක් තිස්සේ මතංට ලියන්න තියා කතා කරන්නවත් බැරිවුණානේ. මතං මාත් එක්ක තරහ නෑනේද? දන්නවානේ මතං ඉස්කෝලේ වාර විභාගේ. ඉතිං මතං, ඒ යුද්දේ සති 2ක් තිස්සේ තිබුණ නිසා Kreet ටත් සටන් කරන්න වෙලයි තිබුණේ.
අප්පෝ!මුළු ලෝකෙම ඉන්න හොරු ටික ඉන්නේ අපේ පන්තියේ මතං.(මේ මම එහෙම ඕවාට නෑ.)"මේ මේ 2ට කීයද? 3ට කීයද?" මට ඕවා ඇති වෙලයි තිබුණේ. මොනා කරන්නද මතං, අපි ඉතින් සාධාරණේට වැඩ කරන මිනිස්සුනේ.අපිට හැම දාම හුලං තමා.
ඒ වුණාට මතං වෙනදා වගේම මම 1st තමා. විභාගේ ඉවර වුණ දවසේ තමයි මතං මගේ "ඩොං ඩොං " ගගා තිබුණ හදවතට හුලං ටිකක් වැදුණේ. ඒ වුණාට මතං තව තව විභාග නිවාඩු කාලේ එනවානේ. අපෝ....දැන්නම් එපා වෙලා. ඒ වුණාට වෙනදාට වඩා ටිකක් හරි හොඳයි.
"දැන් නිවාඩු කාලේ හින්දා නෑ ඉස්කෝලේ- ආයි ආයි ආපි ඔන්න සෙල්ලම් කාලේ" කියලා කියන එකේ මතං මොනාද මේ vacation 1කේ කරන්න හිතාගෙන ඉන්නේ? මට නම් නිවාඩු වුණාට class මතං.මතංටත් same to U කියලා හිතනවා.ඒත් එහෙම වුණාට මතං මම නම් මේ vacation 1 full fun 1 කේ ගත කරන්න තමයි try 1ක දෙන්නේ.අදට මගේ chat a box 1ට තිතක් තියන්නම්.
ටටා!!!!!!!!!!!!
මෙයට ඔබේ මතං,
Kreet
5 comments:
ප්‍රීතිමත් නිවාඩුවක් වේවා.....
@indi
Thank U!
මතංට මගෙනුත් Happy vacation වේවා.!;)
@Dil
Same to U!
මතං ඉතින් මම මොනාද කියන්නේ වලියෙන් තොර ඡොලියෙන් පිරි නිවාඩුවක් වෙන්න කෝ..
Post a Comment