මේ මිනිස් ලෝකයේ ජීවත් වෙන අපි හැමෝටම තමන්ගේ ජීවිතයේදි මොකක් හරි අසාධාරණයකට මුහුණ දීලා ඇතිනේ. ඉතින් මේ ලෝකෙ ජීවත් වුණු අවුරුදු 14 ට මම නම් ඇති තරම් අසාධාරණකම්වලට මුහුණ දීලා තියෙනවා. ඒ නිසාම තමයි ඔයාලට අසාධාරණය ගැන කියන්න හිතුවේ.
මේ ලෝකයේ දේවත්වයට පත් වෙන්නෙත්, තිරිසනුන් බවට පත් වෙන්නෙත් මිනිසුන්මයි කියලා ඔයාලා දන්නවා ඇති.
"මිනිසාමයි ලොව දෙවියන් වන්නේ
මිනිසාමයි ලොව තිරිසන් වන්නේ"
ඉතින් ඒවගේ ලෝකෙක සාධාරණයට උදව් කරන අයට ඉඩක් නෑ කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. ඒ ගැන අපි අත්දැකීමෙන්ම දන්නවා. කවද හරි අසාධාරණයට උදව් කරන අය දඬුවම් විඳින බවත් අපි දැනගන්න ඕනි. සාධාරණයට වැඩ කරන්න ගිහින් සමාජයෙන් කොන් වුණත් කවදාහරි ඒ සාධාරණයට වැඩ කරන කෙනා යන්න පුළුවන් ඉහළම තැනට යනවා. ඒකට හොඳම උදාහරණ වර්තමාන සමාජයේ ඇති තරම් තියෙනවා.
ඉතින් අපිත් සාධාරණයට වැඩ කළොත් නේද හොඳ?...
තීරණය ඔයාලගේ අතේ.......
-Kreet-
Subscribe to:
Post Comments (Atom)
2 comments:
life is unfair...its a proven fact...u either accept it & get over it or just roll over & die...Best of luck..:D.
@Shadow/හේමලයා
Thank U 4 your advices!...
Post a Comment