ඉතින් ඉතින් මට ඔයාලට කියන්න තවත් දෙයක් මතක් වුණා.ඒ තමයි අපේ දහම් පාසලෙන් මේ අවුරුද්දේ දුන්න දන්සල ගැන. මම යන්නේ බදුල්ල ශ්රී සුමනතිස්ස දහම් පාසලේ. ඉතින් අපේ පන්ති භාර Sir ත් පිනට ලැදි කෙනක්(අපිත් එහෙම තමයි).Sir ගේ පන්තියේ ගිය අවුරුද්දේ(2009) හිටපු ළමයි දන්සලක් දුන්නා කියලා Sir අපිට කිව්වා. ඉතින් අපි Sir ට කිව්වා අපිත් මේ අවුරුද්දේ දන්සලක් දෙමු කියලා. ඊට පස්සේ අපි හැමෝම එකතු වෙලා දන්සලක් organize කළා. මුලින්ම අපි තැඹිලි දෙන්න හිතුවත් පස්සේ සැන්ඩ්විචස් & බීම දෙන්න තීරණය කළා.
දන්සලට කලින් දවසේ පන්තියේ ළමයි එකතු වෙලා hut එකක් ගහලා ,අපට දන්සල සාර්ථක කරගන්න පුළුවන් වෙන්න කියලා වන්දනාවකුත් කළා. ඊට පස්සේ දන්සල දවසෙත් උදේ ඉඳලාම සැන්ඩ්විච් හදලා, සීනි සම්බල් නාලා(නෑවෙමත් නෑ:-D). කොහොම හරි වෙසක් පෝය දවසේ නමෝ විත්තියෙන් හවස 4 ට දන්සල පටන් ගත්තා.
බුදු අම්මෝ!... මිනිස්සු පොර කනවා. පැය භාගයක් යන්නත් කලින් දන්සල ඉවර වුණා. ඇත්තටම ගොඩක් මහන්සි දැනුණත් අපි හැමෝම හිටියේ ගොඩක් සතුටෙන්.ඒක තමයි පින කියන්නේ... නැද්ද?...
-Kreet-
Subscribe to:
Post Comments (Atom)
4 comments:
අනිවාර්යෙන්... මිනිස්සු කෑව නම්... ඒකනේ වෙන්න ඕනි... බලාපොරොත්තු වෙන්නෙ.
ඇත්තටම ඔව්!මට හිතෙන විදියට මනුස්සයෙකුට කන්න දෙනව තරම් පිනක් තවත් මේ ලෝකේ නෑ!!
@පිස්සා පලාමල්ල
මොකද නැත්තේ?
@Rash
ඔයා හරි...
Post a Comment