අපේ cricket match 1 ක...

දන්නවද වැඩක්?(ආ... ඔයාලට දැන ගන්න මම තාම ඒක කිව්වේ නෑනේ.:-D). මම guiding කරන බව ඔයාලා දන්නවා ඇති. ඉතින් අපේ guides ලා ටික අපි අතරෙම cricket match 1 ක් තියන්න තීරණය කළා.ඉතින් හැමෝම ගොඩක් ආසාවෙන් හිටියේ. මොකද පොඩි කාලේ ප්ලාස්ටික් bat 1 ක් අරන් සෙල්ලම් කළාට පස්සේ cricket ගහපු කාලයක් මතක නෑ. (ආ...මතකයි, අපි 9 වසරෙදි ඒ කියන්නේ අනාදිමත් කාලෙදි interval 1කේදි ලී කෑල්ලක් අරන් ගිහින් cricket ගහපු හැටි.තව ටිකෙන් principal ගෙන් ගුටිත් කනවා:-D).
Cricket match 1 ට කලින් දවසේ (ඒ කියන්නේ මේ අවුරුද්දේ ජූනි 17 වෙනිදා) මම practice කරපු විදිහ තමයි මරු.මම ගෙදර කොහේද මුල්ලක තිබිලා හොයා ගත්ත බෝලයකට පොල්ලකින් ගහලා තමයි practice කළේ.ඉතින් ඔන්න match 1 තියෙන දවසත් උදා වුණා.ඇත්තටම එදා ඉස්කෝලෙ ඉවර වෙලා හවස තමයි match 1 තිබුණේ.අපි යාළුවෙක්ගේ ගෙදර ගිහින් කාලා, බීලා එනකොට teams බෙදලා ඉවරයි.ඉතින් මගේ team 1ට අහුවුණේ cricket ගහන්න බැරිම set 1ක්.අපිට තමයි මුලින්ම සෙල්ලම් කරන්න තිබුණේ. අපිට ලැබුණේ bowling.නියම team 1ක් එක්ක තමයි play කරන්න ලැබුණේ.එයාලා හොඳට practice කරලත් හිටියේ. කොහොම හරි overs 4ට ලකුණු 27කට එයාලව සීමා කරන්න අපිට පුළුවන් වුණා.
ඉතින් ඊට පස්සේ අපිට තමයි batting. මම තමයි මුලින්ම bat කළේ. මගේ පළපුරුද්ද කොච්චරද කියනවා නම් :-) 6,4 shots ට්කක් ගහලා team 1 ගොඩ දාගන්න මට පුළුවන් වුණා.නොහිතපු ජයග්‍රහණය නිසා හැමෝටම ගොඩක් සතුටුයි.
අපි වීරයෝ වගේ ground 1කෙන් එළියට බැස්සාම අනිත් teams 2 play කරන්න පටන් ගත්තා.ඇත්තටම අපේ luck 1 කොච්චරද කියනවා නම් එයාලගේ match 1 පටන් ගත්තා විතරයි වැස්ස පටන් ගත්තා.අපි ඉතින් අහසට නොවැඳපු 1 විතරයි වහින්න එපා කියලා. " rain rain go away!"කියලත් බැලුවට වැඩේ හරි ගියේ නෑ. ගොඩක් හයියෙන් වැස්ස නිසා අපිට match 1 නතර කරන්න වුණා. 
-Kreet-

0 comments:

Post a Comment