ඉතින් යාළුවනේ, මමත් හිතුවා කතාවක් ලියන්න. ඒ ගැන ඔයාලා මොනවා කියයිද දන්නේ නෑ. ඒ වුණාට හැම දාම මගේ ජීවිතේ අත්දැකීම්නේ මම ඔයාලට කියන්නේ. හැම දාම කියන්න තරම් අත්දැකීම් ගොඩක් තාම මට නම් නැහැ. ඒ නිසා මම කතාවක් ලියන එක හොඳයි නේද? කතාවේ නම තමයි...ම්..........
කියන්නට අවසරයි,...
හොඳද? මම ලියන්නේ නම් "මිනෝලි" කියලා ළමයෙකුගේ කතාවක්. නම්, ගම් සියල්ල මන:කල්පිතයි. (වචනේ බර වැඩියි නම් , ඒකේ තේරුම තමයි ඔක්කොම මගේ හිතේ මැවුනු දේවල් කියන එක.) කතාව ගැන පොඩි හැඳින්වීමක් කළොත්, මිනෝලි කියන්නේ ගොඩක් අහිංසක ඒවගේම ගුණයහපත් ගැහැණු ළමයෙක්.එයා තාම ඉගෙන ගන්නවා. ඉතින් එයාගේ තාත්තා නම් ජීවතුන් අතර නැහැ. අම්මයි, පවුලේ අනිත් අයත් එක්ක තමයි එයා ජීවත් වෙන්නේ. එයා ගොඩක් දක්ෂයි. ඒ නිසාම එයාට ගොඩක් ඉරිසියාකාරයන්ට මුහුණ දෙන්න වෙනවා. හැලහැප්පීම් මත ගෙවෙන එයාගේ ජීවිතේ අන්තිමේදි..............අපොයි! මම මෙහෙම මුළු කතාවම ගානක් නැතුව ඔයාලට කියයි.හරි...හරි...කතාවේ ඉතුරු ටික දැන ගන්න ඕන නම් දිගටම මාත් එක්ක ඉන්න. ඒවගේම මම ලියන කතාව ඉදිරියට සාර්ථකව ගෙනියන්න නම්, මට ඔයාලගේ අදහසුත් ගොඩාක් වැදගත් වේවි.ඒ නිසා දිගටම මාත් එක්ක රැඳෙන ගමන් මගේ කතාව ගැන ඔයාලට හිතෙන දේ, ඒවගේම මගේ වැරදි අඩුපාඩු ලියලා දාන්නත් අමතක කරන්න එපා.
3 comments:
කතාව ඉක්මනට ලියමු...
කියන්න නම් අවසරයි!! ලියන්නත් අවසරයි!!!
@Dil
@තක්ෂිල
ඔන්න එහෙනම් පළවෙනි කොටස දැම්මා.
Post a Comment