හැමදාම මතකයේ ඉන්න ගුරුතුමා...


ඉතින් යාළුවනේ අපි හැමෝම පුංචි කාලෙදි ඉගෙනගත්තා. ඒ වගේම තාමත් ඉගෙන ගන්නවා. අපි මැරෙන කල්ම ඉගෙන ගන්නවා කියලත් කියනවානේ.ඉතින් ඔයාලා හැමෝටමත් තමන්ගේ හිත දිනා ගත්ත, ඒ වගේම මතකයේ රැඳුණු ගුරුවරයෙක් හරි ගුරුවරියක් හරි ඇති කියලයි මම නම් හිතන්නේ. මොකද මට නම් එහෙම මගේ මතකයේ රැඳුණු ගුරුවරයෙක් ඉන්නවා. ඒ කව්ද කියනවා නම් මම ගිය English tuition class 1 කේ S.ගුණවර්ධන sir.ඇත්තටම දක්ෂ English teacher කෙනෙක්. මීට අවුරුදු 2 කට කලින් අපෙන් වෙන් වුණත් 2005 ඉඳලා 2008 වෙනකන් අවුරුදු 3 ක් sir ළඟ ඉගෙනගෙන ලබා ගත්ත අත්දැකීම් කවදාවත් අමතක වෙන්නේ නෑ.
ගොඩක් වෙලාවට class 1 කේදි sir සැරයි.ඒත් sir සැර වුණේ වැඩ හරියට කරපු නැති ළමයින්ට විතරයි.Sir හොඳට හොඳයි, නරකට නරකයි.ඒත් sir අපිට සැර කරන්නේ අපිව හොඳ මඟට යොමු කරන්න කියලා අපි හැමෝම දැනගෙන හිටියා. ඒ නිසාම තමයි sir ගෙන් ඉගෙන ගත්ත අය අද උසස් තැන්වල ඉන්නේ.
ඉතින් ඒ වගේ ගුරුවරයෙක් ඔයාලටත් ඉන්නවා නම් අපිට එයාල වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම දේ තමයි එයාලගේ බලාපොරොත්තු ඉටු කරලා හොඳ තැනකට යන එක. ඔයාලටත් එහෙම හිතෙනවද?
-Kreet-

1 comments:

Rash said...

ඇත්තටම ඔයා හරි! එතකොට තමයි එයාලගෙ හිත් නිදහස් වෙන්නේ.

Post a Comment