පියතුමණි ඔබ...



මා මෙලොවට බිහි වූ දා
ඔබ මා ළඟ නොමැති වුවත්
සදා නොමැකෙන මා මතකයේ 
ඔබ රැඳෙනු නොඅනුමානයි
ජීවන ගමනේ අවසන් කඩඉම වූ
නිවන ඔබට 
දැකගන්නට 
දියණියගෙන් සුබ පැතුම්!!!
-Kreet- 

අපේ cricket match 1 ක...

දන්නවද වැඩක්?(ආ... ඔයාලට දැන ගන්න මම තාම ඒක කිව්වේ නෑනේ.:-D). මම guiding කරන බව ඔයාලා දන්නවා ඇති. ඉතින් අපේ guides ලා ටික අපි අතරෙම cricket match 1 ක් තියන්න තීරණය කළා.ඉතින් හැමෝම ගොඩක් ආසාවෙන් හිටියේ. මොකද පොඩි කාලේ ප්ලාස්ටික් bat 1 ක් අරන් සෙල්ලම් කළාට පස්සේ cricket ගහපු කාලයක් මතක නෑ. (ආ...මතකයි, අපි 9 වසරෙදි ඒ කියන්නේ අනාදිමත් කාලෙදි interval 1කේදි ලී කෑල්ලක් අරන් ගිහින් cricket ගහපු හැටි.තව ටිකෙන් principal ගෙන් ගුටිත් කනවා:-D).
Cricket match 1 ට කලින් දවසේ (ඒ කියන්නේ මේ අවුරුද්දේ ජූනි 17 වෙනිදා) මම practice කරපු විදිහ තමයි මරු.මම ගෙදර කොහේද මුල්ලක තිබිලා හොයා ගත්ත බෝලයකට පොල්ලකින් ගහලා තමයි practice කළේ.ඉතින් ඔන්න match 1 තියෙන දවසත් උදා වුණා.ඇත්තටම එදා ඉස්කෝලෙ ඉවර වෙලා හවස තමයි match 1 තිබුණේ.අපි යාළුවෙක්ගේ ගෙදර ගිහින් කාලා, බීලා එනකොට teams බෙදලා ඉවරයි.ඉතින් මගේ team 1ට අහුවුණේ cricket ගහන්න බැරිම set 1ක්.අපිට තමයි මුලින්ම සෙල්ලම් කරන්න තිබුණේ. අපිට ලැබුණේ bowling.නියම team 1ක් එක්ක තමයි play කරන්න ලැබුණේ.එයාලා හොඳට practice කරලත් හිටියේ. කොහොම හරි overs 4ට ලකුණු 27කට එයාලව සීමා කරන්න අපිට පුළුවන් වුණා.
ඉතින් ඊට පස්සේ අපිට තමයි batting. මම තමයි මුලින්ම bat කළේ. මගේ පළපුරුද්ද කොච්චරද කියනවා නම් :-) 6,4 shots ට්කක් ගහලා team 1 ගොඩ දාගන්න මට පුළුවන් වුණා.නොහිතපු ජයග්‍රහණය නිසා හැමෝටම ගොඩක් සතුටුයි.
අපි වීරයෝ වගේ ground 1කෙන් එළියට බැස්සාම අනිත් teams 2 play කරන්න පටන් ගත්තා.ඇත්තටම අපේ luck 1 කොච්චරද කියනවා නම් එයාලගේ match 1 පටන් ගත්තා විතරයි වැස්ස පටන් ගත්තා.අපි ඉතින් අහසට නොවැඳපු 1 විතරයි වහින්න එපා කියලා. " rain rain go away!"කියලත් බැලුවට වැඩේ හරි ගියේ නෑ. ගොඩක් හයියෙන් වැස්ස නිසා අපිට match 1 නතර කරන්න වුණා. 
-Kreet-

හැමදාම මතකයේ ඉන්න ගුරුතුමා...


ඉතින් යාළුවනේ අපි හැමෝම පුංචි කාලෙදි ඉගෙනගත්තා. ඒ වගේම තාමත් ඉගෙන ගන්නවා. අපි මැරෙන කල්ම ඉගෙන ගන්නවා කියලත් කියනවානේ.ඉතින් ඔයාලා හැමෝටමත් තමන්ගේ හිත දිනා ගත්ත, ඒ වගේම මතකයේ රැඳුණු ගුරුවරයෙක් හරි ගුරුවරියක් හරි ඇති කියලයි මම නම් හිතන්නේ. මොකද මට නම් එහෙම මගේ මතකයේ රැඳුණු ගුරුවරයෙක් ඉන්නවා. ඒ කව්ද කියනවා නම් මම ගිය English tuition class 1 කේ S.ගුණවර්ධන sir.ඇත්තටම දක්ෂ English teacher කෙනෙක්. මීට අවුරුදු 2 කට කලින් අපෙන් වෙන් වුණත් 2005 ඉඳලා 2008 වෙනකන් අවුරුදු 3 ක් sir ළඟ ඉගෙනගෙන ලබා ගත්ත අත්දැකීම් කවදාවත් අමතක වෙන්නේ නෑ.
ගොඩක් වෙලාවට class 1 කේදි sir සැරයි.ඒත් sir සැර වුණේ වැඩ හරියට කරපු නැති ළමයින්ට විතරයි.Sir හොඳට හොඳයි, නරකට නරකයි.ඒත් sir අපිට සැර කරන්නේ අපිව හොඳ මඟට යොමු කරන්න කියලා අපි හැමෝම දැනගෙන හිටියා. ඒ නිසාම තමයි sir ගෙන් ඉගෙන ගත්ත අය අද උසස් තැන්වල ඉන්නේ.
ඉතින් ඒ වගේ ගුරුවරයෙක් ඔයාලටත් ඉන්නවා නම් අපිට එයාල වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම දේ තමයි එයාලගේ බලාපොරොත්තු ඉටු කරලා හොඳ තැනකට යන එක. ඔයාලටත් එහෙම හිතෙනවද?
-Kreet-

මව් ගුණ අනන්තයි!..





ජීවිතයේ බාධක සැම

මා හට තරණය කෙරුමට

සැම මොහොකතම මා ළඟ රැ‍ඳෙමින්

මා දිරිමත් කළ ඔබ

ගෙදර බුදුන් වැනිය...

සංසාර ගමනේ

ස්වභාවය මා හට අවබෝධකර දෙමින්

නිවන කරා යන ගමනේ...

ඔබටත් මටත් එය ඉක්මණින්

අවබෝධ වේවා!...

-Kreet-

යාළුවෝ මාළුවෝ කති...


ඇත්තටම මේකෙ topic 1 ක කියවද්දි ඔයාලට එක එක විදියට ඒක understand වෙන්න ඇති. For a example කියනවා නම් යාළුවෝ මාළුවෝ කනවා, යාළුවෝ තමන්ගේ පරිහානියට හේතු වෙනවා වගේ ඒවා...හැබැයි මම නම් අදහස් ක‍ළේ 2 වෙනි තේරුම. හැම යාළුවෙක්ම අපිව විනාශයට ඇදලා දාන්නේ නෑ.
බුදු දහමෙත් කියවෙනවානේ යාළුවෝ වර්ග 2 ක් ගැන. ඒ විදියට අපි කල්‍යාණ මිත්‍රයෝ ආශ්‍රය කළොත් අපේ ජීවිතය සාර්ථක කරගන්නත්, පාප මිත්‍රයෝ ආශ්‍රය කළොත් අපේ ජීවිතය අසාර්ථක කරගන්නත් අපිට පුළුවන්.ඒත් අද කාලේ කල්‍යාණ මිත්‍රයෝ හොයාගන්න එක කළු නික හොයනවාටත් වැඩිය අමාරු බව අමතක කරන්න එපා!:-).
මේ Kreet තාම පොඩි වුණාට එයාට ගොඩක් දේවල් ගැන experience තියෙනවානේ:-). ඉතින් එයා කියනදේ කරන්න මේ ළමයි try කරන්න ඕනි, හරිද?
මටත් නරක යාළුවෝ ඕනෑතරම් මුණගැහිලා තියෙනවා. එයාලගේ ලණු කාලාත් තියෙනවා. ඒත් අන්තිමේදි ඒවගේ යාළුවන්ගෙන් බේරෙන්න මට නම් පුළුවන් වුණා.
ඉතින් ඔයාලා මගේ friends ලා නිසා තමයි මම මේක ඔයාලට කිව්වේ. ඔයාලටත් මාළු කන යාළුවෝ( මේ පාරත් වරද්දගන්න එපා. 2 වෙනි තේරුම. මතකනේ...:-D) ඉන්නවා නම් එයාලව ආශ්‍රය කරන්න එපා. හොඳ යාළුවන්ව විතරක් ආශ්‍රය කරන්න. එතකොට ඔයාලටත් ඔයාලගේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් වේවි!
-Kreet-

අසාධාරණය ගැන...

මේ මිනිස් ලෝකයේ ජීවත් වෙන අපි හැමෝටම තමන්ගේ ජීවිතයේදි මොකක් හරි අසාධාරණයකට මුහුණ දීලා ඇතිනේ. ඉතින් මේ ලෝකෙ ජීවත් වුණු අවුරුදු 14 ට මම නම් ඇති තරම් අසාධාරණකම්වලට මුහුණ දීලා තියෙනවා. ඒ නිසාම තමයි ඔයාලට අසාධාරණය ගැන කියන්න හිතුවේ.
මේ ලෝකයේ දේවත්වයට පත් වෙන්නෙත්, තිරිසනුන් බවට පත් වෙන්නෙත් මිනිසුන්මයි කියලා ඔයාලා දන්නවා ඇති.
"මිනිසාමයි ලොව දෙවියන් වන්නේ
මිනිසාමයි ලොව තිරිසන් වන්නේ"
ඉතින් ඒවගේ ලෝකෙක සාධාරණයට උදව් කරන අයට‍ ඉඩක් නෑ කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. ඒ ගැන අපි අත්දැකීමෙන්ම දන්නවා. කවද හරි අසාධාරණයට උදව් කරන අය දඬුවම් විඳින බවත් අපි දැනගන්න ඕනි. සාධාරණයට වැඩ කරන්න ගිහින් සමාජයෙන් කොන් වුණත් කවදාහරි ඒ සාධාරණයට වැඩ කරන කෙනා යන්න පු‍‍ළුවන් ඉහළම තැනට යනවා. ඒකට හොඳම උදාහරණ වර්තමාන සමාජයේ ඇති තරම් තියෙනවා.
ඉතින් අපිත් සාධාරණයට වැඩ කළොත් නේද හොඳ?...
තීරණය ඔයාලගේ අතේ.......
-Kreet-

වෙසක් දන්සල "සුටුස්" ගාද්දි ඉවරයි...

ඉතින් ඉතින් මට ඔයාලට කියන්න තවත් දෙයක් මතක් වුණා.ඒ තමයි අපේ දහම් පාසලෙන් මේ අවුරුද්දේ දුන්න දන්සල ගැන. මම යන්නේ බදුල්ල ශ්‍රී සුමනතිස්ස දහම් පාසලේ. ඉතින් අපේ පන්ති භාර Sir ත් පිනට ලැදි කෙනක්(අපිත් එහෙම තමයි).Sir ගේ පන්තියේ ගිය අවුරුද්දේ(2009) හිටපු ළමයි දන්සලක් දුන්නා කියලා Sir අපිට කිව්වා. ඉතින් අපි Sir ට කිව්වා අපිත් මේ අවුරුද්දේ දන්සලක් දෙමු කියලා. ඊට පස්සේ අපි හැමෝම එකතු වෙලා දන්සලක් organize කළා. මුලින්ම අපි තැඹිලි දෙන්න හිතුවත් පස්සේ සැන්ඩ්විචස් & බීම දෙන්න තීරණය කළා.
දන්සලට කලින් දවසේ පන්තියේ ළමයි එකතු වෙලා hut එකක් ගහලා ,අපට දන්සල සාර්ථක කරගන්න පුළුවන් වෙන්න කියලා වන්දනාවකුත් කළා. ඊට පස්සේ දන්සල දවසෙත් උදේ ඉඳලාම සැන්ඩ්විච් හදලා, සීනි සම්බල් නාලා(නෑවෙමත් නෑ:-D). කොහොම හරි වෙසක් පෝය දවසේ නමෝ විත්තියෙන් හවස 4 ට දන්සල පටන් ගත්තා.
බුදු අම්මෝ!... මිනිස්සු පොර කනවා. පැය භාගයක් යන්නත් කලින් දන්සල ඉවර වුණා. ඇත්තටම ගොඩක් මහන්සි දැනුණත් අපි හැමෝම හිටියේ ගොඩක් සතුටෙන්.ඒක තමයි පින කියන්නේ... නැද්ද?...
-Kreet-

බුදු දහම ගැන දැනගන්න කැමතිද?...

ඇත්තටම බුදු දහම කියන්නේ අපේ ජීවිතයට ගොඩක් දේවල් එකතු කර ගන්න පුළුවන් කියලා මම අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ...ඉතින් මගේ blog 1 කේ "නිසල විල" පිටුවට ‍ඇවිල්ලා ඒ දේවල් ඔයාලගේ ජීවිතයටත් ඇතුළු කරගත්තොත් නේද හොඳ?
-Kreet-

අලුත් වැඩක්...

ඉතින් යාළුවනේ කට්ටියක් ඉස්සරහට ගිහිල්ලා කතා කරන්න මේ Kreet ටිකක් බය වුණාට එයාට(ඒ කියන්නේ මට)ටිකක් විතර නිසඳැස් ලියන්න පුළුවන්.පුළුවනුත් නෑ ඉතින්. ඒ වුණාට "Try and try one day you can fly" කියලා කියමනකුත් තියෙන එකේ, මේ....මේ.... මාත් පොඩි try 1 ක් දුන්නා. ඉතින් මගේ හැකියාව බලලා පොඩ්ඩක් මට ගුරුහරුකම් දුන්නොත් ඒක ගොඩාක් වටිනවා.
ඔයාලත් කැමති නම් මගේ හැකියාව බලන්න, "සංකල්පනා" පිටුවට ගොඩ වදින්න...
-Kreet-

විභාගය අභාගයක් කරගන්නේ අපිමයි නේද?

ඇත්තම කියනවා නම් මේ දවස්වල term test ළඟ නිසා ඒකට පාඩම් කරන ගමන් තමයි මම මේ blog 1 ට post යවන්නෙත්. Blog 1 ත් ලියන්න එපායැ...නැද්ද?විභාගයක් කියන්නේ අභාගයක් කියලයි අපි හැමෝම හිතන්නේ.(හැමෝමත් නෙවෙයි). ඒකනේ මේ වගේ සින්දුත් හැදිලා තියෙන්නේ...
"විභාගෙ විභාගෙ...
ඒක තමයි අපේ අභාගේ..."
ඒත් මම නම් හිතන්නේ විභාගය අභාගයක් කරගන්නෙත් අපිමයි කියලා. ඔයාලා මොනා හිතනවාද දන්නේ නෑ.ඒත් මහන්සි වෙලා වැඩ කළොත්(අවුරුදු කිහපයක් විතරනේ) ඒකෙන් ලැබෙන results ගොඩක් උසස් තත්ත්වයක තියේවි. ඒවගේම මහන්සි වුණු දවස්වලටත් හරියන්න අපේ ජීවිතය සැපෙන් ගතකරන්න අපට ලැබේවි. පාඩම් කරන එක කරදරයක් කියලා හිතෙන එක සාමාන්‍ය දෙයක්. ඒත් හොඳට පාඩම් කළොත් ඒකෙන් ලැබෙන results ගැන දැනෙන සතුට පාඩම් නොකර ලබන්න බෑ නේද?
-Kreet-